











අයගම ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය වැඩි පාඨක පිරිසකගේ පරිශීලනය උදෙසා අයගම නගර මධ්‍යයේ අයගම සතිපොළ අසල දෙමහල් ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම වෙනුවෙන් 2026 ක් වූ පෙබරවාරි මස 17 වන දින පාඨකයන් වෙනුවෙන් විවෘත කරන ලදී.
අයගම ප්‍රාදේශීය සභා ගරු සභාපති අරුණ උපුල් පියසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ගරු උපසභාපතිතුමිය ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලයේ ගෞරවනීය ආරාධනයෙන් සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදී.
මේ සදහා අයගම ගංගාරාමාධිපති පූජ්‍ය රඹුක්පොත ධම්මදින්න නායක හිමිපාණන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මැතිතුමන්, ගරු ආණ්ඩුකාර ලේකම්තුමන්, අයගම ප්‍රාදේශීය සභා ගරු උපසභාපතිතුමිය ඇතුළු ගරු සභිකවරුන්, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ගරු සභාපති අජිත් කල්‍යාණ මැතිතුමන්, රත්නපුර පළාත් පාලන සහකාර කොමසාරිස් ජනිත් උදයංග මැතිතුමන්, රත්නපුර පළාත් පාලන සහකාර කොමසාරිස් (දෙපාර්තුමේන්තු) ගාමිණී වීරසිංහ මැතිතුමන් , අයගම රාජ්‍ය හා පුද්ගලික ආයතනයන්හි ආයතන ප්‍රාධානීන් සහ අයගම ප්‍රාදේශීය සභා ලේකම්තුමන් ඇතුළු කාර්‍ය මණ්ඩල නිලධාරීන් සහ පුස්තකාල පාඨක සමාජයේ සාමාජිකයන් සහභාගි වන ලදී.
මෙහිදී ගරු ආණ්ඩුකාරතුමිය විසින් අයගම ප්‍රාදේශීය සභා කාර්‍යාලය, අයගම රංගපීඨයත් අයගම පුරවරයේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති අයගම , පල්ලෙකඩ මහදොළත් අයගම ගංගාරාම විහාරස්ථානය නිරීක්ෂණ කිරීම සදහා සහභාගි වන ලදී.